Mawanella Api Logo
Home Offers Business Menu
Mawanella News Banner

Discover Latest News & Updates

Browse through Mawanella's official announcements, community news, and festive events.

Showing 11 updates
Category: All Updates
මාවනැල්ලෙන්ම ඇඹිලිපිටියට AC බස් එකක්!
NEWS UPDATE
Sep 09, 2026 1 day ago

මාවනැල්ලෙන්ම ඇඹිලිපිටියට AC බස් එකක්!

 මාවනැල්ලෙන්ම ඇඹිලිපිටියට AC බස් එකක්! වෙලාව සහ Route එක Save කරලා තියාගන්න 📌 මේ Route එකේ නිතරම Travel කරන ඔයාගේ යාළුවන්ටත් Share කරන්න. .. 2026.09.10 දින සිට ආරම්භ වනමාවනැල්ල ↔️ ඇඹිලිපිටිය නව AC බස් සේවාව..|| Nishantha Power Package💫   බස් අංකය: 69 – මාවනැල්ල / ඇඹිලිපිටිය (AC) ⏰ ධාවන වේලාවන්* ඇඹිලිපිටියෙන් – උදෑසන 5.45* මාවනැල්ලෙන් – පස්වරු 3.30 📍 ගමන් මාර්ගය ඇඹිලිපිටිය → පැල්මඩුල්ල → රත්නපුර → අවිස්සාවේල්ල → දෙහිඕවිට → කරවනැල්ල → රුවන්වැල්ල → ගලිගමුව → කෑගල්ල → මාවනැල්ල ☎️ ආසන වෙන්කරවා ගැනීම සඳහා 076 861 8679 – Pradeep075 804 1001 – Sithum #mawanella  #Embilipitiya #mawanellaapi #BusService #Route69

🌹 ඩයනා කුමරිය මෙලොව හැරගොස් අදට වසර 29ක්…
NEWS UPDATE
Aug 31, 2026 1 week ago

🌹 ඩයනා කුමරිය මෙලොව හැරගොස් අදට වසර 29ක්…

🌹 ඩයනා කුමරිය මෙලොව හැරගොස් අදට වසර 29ක්… ලොව පුරා මිලියන ගණනකගේ ආදරය දිනාගත් වේල්ස් කුමරිය ඩයනා (Diana, Princess of Wales) අභාවප්‍රාප්ත වී අදට වසර 29ක් සපිරෙනවා. 1961 ජූලි 1 වැනිදා උපත ලැබූ ඩයනා කුමරිය, 1997 අගෝස්තු 31 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවරදී සිදුවූ දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වන විට 36 වැනි වියේ පසුවුණා. ඩයනා කුමරිය ඩොඩී ෆයඩ් (Dodi Fayed) සමඟ පැරිස් නුවර Ritz හෝටලයෙන් පිටත්ව මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී, ඔවුන් ගමන් කළ රථය Place de l’Alma උමං මාර්ගයේදී අනතුරකට ලක්වුණා. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ඇය Pitié-Salpêtrière රෝහලට රැගෙන ගියද, ඇයගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන්ට හැකිවුණේ නැහැ. ඇයගේ හදිසි වියෝව බ්‍රිතාන්‍යය පමණක් නොව මුළු ලෝකයම කම්පාවට පත් කළ සිදුවීමක් වුණා. Kensington Palace ඉදිරිපිට ඇය වෙනුවෙන් තැබූ මල් පොකුරු, ලිපි සහ ශෝක පණිවිඩවලින් ප්‍රදේශය පිරී ගියේ ඇය කෙරෙහි ජනතාව තුළ තිබූ ආදරය ලොවටම පෙන්වමින්. 1997 සැප්තැම්බර් 6 වැනිදා Westminster Abbey හි පැවති අවමංගල්‍යයෙන් අනතුරුව, ඩයනා කුමරියගේ දේහය Spencer පවුලට අයත් Althorp Estate හි පිහිටි දූපතක පෞද්ගලිකව භූමදානය කෙරුණා. ඩයනා කුමරියගේ මතකය රාජකීයත්වයට පමණක් සීමා වූවක් නොවේ. HIV/AIDS රෝගීන් පිළිබඳ සමාජයේ පැවති බිය සහ වැරදි මත බිඳ දැමීමට ඇය දැක්වූ මානුෂීයත්වයත්, බිම් බෝම්බවලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඇය නැගූ හඬත් අදටත් සිහිපත් කෙරෙනවා. වසර 29ක් ගතවී ඇතත්, ඇයගේ සුන්දර සිනහව, කරුණාව සහ මානුෂීයත්වය තවමත් ලොව පුරා මිලියන ගණනකගේ හදවත් තුළ ජීවමානයි. 🌹 Diana, Princess of Wales1 July 1961 – 31 August 1997 🌐 www.mawanellaapi.com

ඇසළ පෙරහැරේ වස් දොස් දුරු කරන ඉපැරණි “හත්දා වලි මංගල්‍යය”🙏🏻🤍💫
EVENT
Aug 31, 2026 1 week ago

ඇසළ පෙරහැරේ වස් දොස් දුරු කරන ඉපැරණි “හත්දා වලි මංගල්‍යය”🙏🏻🤍💫

මහනුවර ඇසළ පෙරහැරේ ඉපැරණි අවසන් චාරිත්‍රය වන හත්දා වලියක් මංගල්‍යය විෂ්ණු දේවාල පරිශ්‍රයේ ආරම්භ කර ඇත...... ඇසළ පෙරහැරේ වස් දොස් දුරු කරන ඉපැරණි “හත්දා වලි මංගල්‍යය”🙏🏻🤍💫 දේශීය ශාන්තිකර්ම පද්ධතිය දෙවියන් යකුන් ග්‍රහයන් උදෙසා පවත්වනු ලබන අතර උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වශයෙන් ශාන්තිකර්ම ගණනාවක් විවිධ අරමුණු සාක්ෂාත් කර ගනු වස් පවත්වනු ලබයි. නමුත් දීර්ඝ ඉතිහාසයක් ඇති වලියක් මංගල්‍යය රෝග නිවාරණය, සශ්‍රීකත්වය අපේක්ෂාවෙන් හෝ ගෘහාශ්‍රිත ව පැවැත්වීමක් නොවන නිසා අනෙකුත් ශාන්තිකර්මයන්ගෙන් සපුරාම වෙනස් වේ. මහනුවර දළදා මාලිගාවේ සතර දේවාලය හා සම්බන්ධ විශ්ණු දේවාලය මූලික කර ගෙන මෙම ශාන්තිකර්මය සිදු කෙරේ.      හත්දා වලියකුම, වලියක් මංගල්‍යය, වලියක් තෝත්‍රය, වලියකුන් නැටීම, වලියකුම් යාගය, වලියකුම වැනි ව්‍යවහාරිත නාම කීපයක් ඇති මෙකී ශාන්තිකර්මය පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ වාර්ශිකව පවත්වනු ලබන ඇසළ මහා දළදා පෙරහැර කිසිඳු උපද්‍රවයකින් හෝ ආපදවකින් තොරව ඉදිරියටත් පවත්වා ගැනීම් සඳහා සියලුම දෙවිදේවතාවුන්ගෙන්  ආශිර්වාද ලබා ගැනීමයි.මෙය ඔලී කුලයේ හා නැකති කුලයේ පවත්වයි. එසේම එකී කාර්‍යයෙහි මූලිකත්වය ගෙන එයට සහභාගී වූ දළදා මාලිගාවේ ඇතුල් කට්ටලයේ හා පිට කට්ටලයේ සියලුම නිලමෙවරුන් සහ අනෙකුත් නිළධාරීන්ටත්, පෙරහැරෙහි නර්තන දැක්වීමෙන් සහ එහි අනෙකුත් අංගයන්ට සහභාගී වීමෙන් සහ දායක වීමෙන් අනුග්‍රහය දැක්වූ සියලුම දෙනාටත්, පෙරහැරට සහභාගී වූ අලි ඇතුන්ට හා ඔවුන් සපයා දීමෙන් දායක වූ සියලුම දෙනාටත් සෙත් ශාන්ති කිරීමත් ඔවුන් කෙරෙහි පැමිණිය හැක්කා වූ ඇස්වහ, කටවහ, හෝවහ ආදී කොට ඇති සියලුම දෝශයන් මඟ හරවා ගැනීමටත් සියලුම දෙවිදේවතවුන් වහන්සේලා ගේ පිහිටාධාර ලබා ගැනීමත් ය.      මහනුවර දළදා පෙරහැර සම්පූර්ණයෙන් ම නිම වීම සඳහා අවසන් රන්දෝලි පෙරහැරට පසුව පුරා දින සතක් මෙම වලියක් මංගල්‍යය පැවැත්විය යුතුය. එහිදී වාර්ශිකව එක් වරක් පමණක් (ඇසළ මාසයේදී) පවත්වන ශාන්තිකර්මයක් ලෙස සැළකිය හැකිය. වර්තමානයේ පෙරහැර සම්බන්ධයෙන් පැවැත්වෙන චාරිත්‍ර අනුව හත්දා වලියකුමෙන් පසු දළදා පෙරහැර චාරිත්‍ර අවසන් වුව ද, අතීතයේ තී නැවත දින හතක් "දිග්ගේ" නමින් වූ නැටුමක් රඟ දක්වා තිබේ. "පලි" නමින් හඳුන්වන කුලයක කන්‍යා ස්ත්‍රීන් විසින් විශ්ණු දේවාලයේ, උඩුකය නග්නව, යටිකයට දුහුල් සළුවක් පමණක් ඇඳ මෙම නර්තනයේ යෙදී ඇත. දිග්ගේ නැටුම දෙවියන් පිනවීමට නැතිනම් දෙවියන්ට පූජා පිණිස කරන ලද්දකි. දිග්ගේ නැටුම අවසානයේ දී "බත් බලි දීම" නමැති චාරිත්‍රයක් පැවැත්වූ බවත්, දේවාලය තුල කිසිවෙකුට දර්ශනය නොවන පරිදි එහි බිත්තියේ වූ සිදුරකින් කැකුළු සහලින් කල බත් ගොටු පිටතට දුන් බවත්, බත් ගොටු ලබා ගැනීමට හෝ ඒවා භුක්ති විඳීමට අවසර ඇත්තේ දේවාලයේ ඉඩම් භුක්ති විඳිනු ලබන අය පමණක් බවත් සඳහන් වේ.බලිබත් දීමෙන් පසු රාජකාරී ඉඩම් ලබා ඇති පංසලක භික්ෂූන් වහන්සේ නමක් විසින් පුරා සත් දිනක් වරු පිරිතක් සජ්ජායනය කලයුතුය.විශ්ණු දේවාලය සම්බන්ධයෙන් පෙරහැර චාරිත්‍ර අවසන් වන්නේ මෙයින් පසුවය.    මෙහි ප්‍රධාන නිළධාරි කණ්ඩායම වන්නේ දියවඩන නිළමේ (නාමිකව), බස්නායක නිළමේ, වන්නකුරාළ යන නිළධාරි කණ්ඩායත් ශාන්තිකර්මය සඳහා සහභාගී වන බෙර පංගුව, යක්දෙහි පංගුව(නර්තනයේ යෙදෙන අය), ගරා යක් පංගුව හා ආලත්ති පංගුවයි.(ආවඩන කන්‍යා ස්ත්‍රීන් තිදෙනා).  කංකාරවල නටන කිසිඳු නර්තන හෝ වාදන ශිල්පියෙකුට වලියකුම සඳහා සහභාගී විය නොහැක.  සහභාගී විය හැක්කේ ඒ සඳහාම නිල පංගු උරුමය ඇති පුද්ගලයන්ට පමණි.   සෙංක­ඩ­ග­ල­පුර ඇසළ පෙර­හර මංග­ල්‍යය මහා විෂ්ණු දේවා­ලය මුල් වී කප්සි­ටු­වීමේ චාරි­ත්‍ර­යෙන් අරඹා මහා විෂ්ණු දේවා­ලයේම කෙරෙන වලි­යක් මංග­ල්‍ය­යෙන් නිමා­වට පත් වේ.ඇසළ පෙර­හර සාර්ථක ලෙස කිරී­මට දෙවි­යන්ගේ ආශි­ර්වා­දය අවශ්‍ය යයි විශ්වා­ස­යක් පවතී. එබැ­වින් පෙර­හර අව­සා­නයේ දී දෙවි­යන්ට පිං අනු­මෝ­දන් කර­වී­ම­ටත් පෙර­හ­රට සහ­භාගී වූ අලි ඇතුන් ඇතුළු සිය­ලුම දෙනාට සෙත් පතා වස් දොස් දුරු කිරී­ම­ටත් යොදා­ගත් ශාන්ති­ක­ර්මය වන්නේ වලි යකුන් නැටීම හෙවත් වලි­යක් මංග­ල්‍ය­යයි. මෙය දින හතක් පැවැ­ත්වෙන නිසා “හද්දා වලි­ය­කුම” ලෙසද හඳු­න්වනු ලැබේ. වලි­යක් මංග­ල්‍යය ශාන්ත­ක­ර්මය වර්ත­මා­නයේ කරනු ලබන්නේ මහ­නු­වර මහ විෂ්ණු දේවා­ලයේ පමණි. අතී­තයේ දී එය මහ­නු­වර සතර දේවා­ල­යේත්, අලු­ත්නු­වර, ගඩ­ලා­දෙ­ණිය, ඇම්බැක්ක, දොඩ­න්වල, හඟු­ර­න්කෙත ආදී අනෙ­කුත් ප්‍රාදේ­ශීය දේවා­ල­ව­ලද වාර්ෂික පෙර­හර නිමා වූ පසු පවත්වා ඇති බවට සාධක තිබේ. එහෙත් වර්ත­මා­නයේ වලි­යක් මංග­ල්‍යය කරන ශිල්පීහු එය මහ විෂ්ණු දේවා­ල­යෙන් පිට තැනක කිරී­මට ඉදි­රි­පත් නොවෙති. වලි­යක් මංග­ල්‍ය­යේදී කරන නැටුම් සාමා­න්‍ය­යෙන් පෙර­හ­රේදී කරන නැටු­ම්ව­ලට වඩා ශාස්ත්‍රීය වේ. එසේම වලි­යක් මංග­ල්‍ය­ය­ටම විශේෂ වූ නැටුම් ද ඇත. මෙහි ඇති තවත් විශේ­ෂ­ත්ව­යක් නම් පෙර­හ­රේදී නැටුම් දක්වන නැට්ටු­වන් මේ ශාන්ති­ක­ර්ම­යට සහ­භාගී නොවී­මයි. වලි­යක් මංග­ල්‍යය කරන්නේ සිංහල රජ දවස සිටම මෙම කට­යුත්ත සඳහා ගම්වර ලබා සිටින මාව­නැල්ලේ අලු­ත්නු­වර දේවා­ලය අසල පදිංචි ප්‍රසිද්ධ නාට්‍ය පර­පු­රක නැට්ටු­වන් විසිනි. ඒ පර­ම්ප­රාව දෙව­න­ගල නැටුම් පර­පු­රයි. එහි වර්ත­මාන ප්‍රධා­නියා වන්නේ සයි­මන් ගුරු­න්නාන්සේ ය. වලි­යක් මංග­ල්‍යය සඳහා විෂ්ණු දේවා­ලය තෝරා­ගෙන ඇත්තේ වලි­ය­කුන් විෂ්ණු දෙවි­යන්ගේ දරු­වන් යයි විශ්වා­ස­යක් පව­තින බැවිනි.      ⭐වලි­ය­කුන්ගේ උපත  දිනක් උපු­ල්වන් දෙවි වනයේ ඇවි­දි­මින් සිටින විට එක් විල් තෙර­කදී “සීතා­පති” නම් රූමත් දෙව­ඟ­නක් හමු විය. ඇය සිය වස­ඟ­යට ගත් උපු­ල්වන් දෙවි ඈ සිය භව­න­යට කැඳ­වා­ගෙන ආවේය. ඔවුන්ගේ ඇසුර නිසා කල් යෑමේ දී සීතා­පති ගැබ් ගත්තාය. එහෙත් ඇය පිළි­බඳ සැක ඉපිද වූ උපු­ල්වන් ඇය කැල­යට ගෙන­ගොස් මරා­ද­මන ලෙස සිය මල­නු­වන්ට නියම කළේය. ඇය කැල­යට ගෙන ගිය උපු­ල්වන්ගේ සොහො­යුරු ඇය කෙරෙහි අනු­කම්පා කොට ඇයට ජීවිත දානය දී කැලයේ ඈතට ගොස් ජීවත් වන ලෙස පවසා ආපසු ආවේය. වනයේ තනි වූ සීතා­ප­තිට “නාග­පට්ඨ” නම් සෘෂි­ව­ර­යෙකු මුණ ගැසී ඇය සිය අස­පුවේ රඳවා ගත්තේය. මඳ කල­කින් ඕ පුත් කුම­රෙකු වැදු­වාය. ඔහුට “සඳ­ලිදු” යයි නම් තබන ලදි. දිනක් සීතා­පති පල­වැල නෙළී­මට අස­පු­වෙන් බැහැර ගිය විට සඳ­ලිදු දක්නට නොවීය. ඔහු නැති වී යයි බියට පත් නාග­පට්ඨ සෘෂි­ව­රයා මහ­නෙල් මලක් ගෙන එවැ­නිම කුම­රෙකු මැවීය. සීතා­පති ආපසු පැමිණි කල මෙතෙක් සැඟ වී සිටි සඳ­ලිදු ද ආපසු ආවේය. එක සමාන දරු­වන් දෙදෙනා දුටු විට සීතා­පති පුදු­ම­යට පත් වී ඒ ගැන විමසූ විට වූ සියල්ල සෘෂි­ව­රයා විසින් විස්තර කරන ලදි. එහෙත් සීතා­පති හට එය අව­බෝධ කර­වීම අප­හසු වූ බැවින් ඊතණ මිටක් ගෙන තවත් දරු­වෙකු මවා පෙන්වී­මට සෘෂි­ව­ර­යාට සිදු විය. අන­තු­රුව කුම­රුවෝ තිදෙ­නාම සීතා­ප­තිගේ සෙනෙ­හස ලබ­මින් වන­යේම වැඩු­ණාහ. මලෙන් උපන් කුමරු “මලේ කුමරු” යනු­වෙන්ද ඊතණ මිටෙන් උපන් කුමරු “කස්ත්‍රිය” කුමරු යනු­වෙන්ද හැඳි­න්විණි. උපු­ල්වන් හා සීතා­පති කතාව වෙනත් අයු­ර­කින්ද සඳ­හන් වේ. එහිදී උපු­ල්වන් හෙවත් විෂ්ණු ආරෝ­ප­ණය කර ඇත්තේ රාම­ටය. රාවණා හා යුද කර රාම සීතාව දිනා­ගෙන පැමිණ කලක් ගත­වන විට මහ­දෙ­වි­යන්ගේ බිසව වූ උම­යං­ගනා රාව­ණාගේ හැඩ­රුව විම­සීය. සීතා අළු­කෙ­සෙල් පිත්තක රාවණ සිත්තම් කළාය. රාම එනු දුටු සීතා කෙසෙ­ල්පත යහනේ සැඟ­වූ­වාය. රාම යහනේ සැතැ­පු­ණේය. මද වේලා­ව­කින් යහන රත් වී කෙසෙල් පත සෙල­වී­මට පටන් ගත් බවත්, මේ කුම­ක්දැයි පිරික්සූ රාමට රාවණ රූපය සහිත කෙසෙල් පත හමු වූ බවත්, ගැබ්බ­රව සිටි සීතාව සැක කළ රාම ඇය කැල­යට ගෙන ගොස් මරා දමන ලෙස මල­නු­වන් වූ ලක්‍ෂ­ම­ණට නියම කළ බවත් එම කතාවේ පැණේ. වනා­න්ත­රයේ දී සීතා බිස­වට අභය දුන් ලක්‍ෂ­මණ ආපසු පැමිණ ඇය මරා­දැමූ බව රාමට පැවැ­සීය. වනයේ තනි වූ සීතා බිස­වට හමු­වන්නේ “වාල්මිකී” නම් සෘෂි­ව­ර­යෙකි. මෙහි ඉතිරි කොටස පෙර ප්‍රවෘ­ත්තිය ලෙස­මය. රාමා­ය­නයේ සඳ­හන් රාම, සීතා හා ලක්‍ෂ­මණ මෙහි එන උපු­ල්වන් සීතා හා උපු­ල්වන්ගේ සොහො­යුරු ලෙස පිළි­ගනු ලැබේ. එලෙස උපන් සඳ­ලිදු , මලේ කුමරු හා කස්ත්‍රිය කුමරු තිදෙ­නාට දිනක් වනයේ ඇවි­දි­මින් සිටින විට අඹ කඩ­මින් සිටි පත්තිනි දෙවිය හා පාලග කුමරු මුණ ගැසිණි. ඒ පාලඟ කුමරු ගසට නැඟ කෙක්ක­කින් අඹ කඩ­මින් සිටින විට හා පත්තිනි දේවිය බිම සිට කෙක්ක­කින් අඹ කඩ­මින් සිටින විටය. එක් මොහො­තක දෙදෙ­නාගේ කෙකි දෙක එකට ඇමි­ණිණි. පත්ති­නිය සිය කෙක්ක ඇද්ද නමුත් එය ඇද­ගත නොහැකි විය. පුළු­වන් නම් එය ඇද­ගන්නා ලෙස කිය­මින් පාලග කුමරු පත්ති­නි­යට විහිළු කළේය. ලජ්ජා­වට පත් පත්ති­නිය වට පිට බලන විට එතැ­නට පැමිණ සිටි සඳ­ලිදු, මලය හා කස්ත්‍රිය කුමා­ර­ව­රුන් දුටු­වාය. පත්ති­නිය මොවුන්ට කතා කොට සිය කෙක්ක ඇද දෙන ලෙස ඉල්ලා සිටි­යාය. කුමා­ර­වරු තිදෙනා පැමිණ එක වලි­ය­ටම (එක්ව­රම) කෙක්ක ඇද්දෝය. එවිට පාල­ඟගේ කෙක්ක කැඩී ගියේය. එයින් විස්ම­යට පත් පත්තිනි දේවිය “වලි­යට යකුන්” යයි කියා කුමා­ර­වරු තිදෙ­නාට වරම් දෙවා බල­ස­ම්පන්න දේව ගණ­යට ඇතු­ළත් කළ බවට යාති­කා­වල දැක්වේ.  වරෙන් කියා අඬගහ                  ඉක්බිත්තේඅදින්ට ලණුබක් බදිමු               කැමැත්තේඇවිදින් අගමුල වැඩ සිට                ගත්තේවලියක් දෙවි නම එදයි              පැවැත්තේ      මෙම වලියක් උපතට අමතරව වෙනස් ආකාරයේ වලියක් උපතක් වලියක් යාතිකාවේ දැක්වේ. එනම් විශ්ණු දෙවියන්ගේ අංකෙලියට වැඩමකරවා ඉන් ජයග්‍රහණය කළ හෙයින් වලියකුන් යැයි විරුදාවලිය ලැබූ බවයි      වලියකුන්ගේ වාහනය ඇතෙකු බව කෝල්මුර කවි ගායනාවලින් ප්‍රකාශ වන අතර කංකාරි අවස්ථාවේ දී දේවාභරණ මත තබා ඇති හෙණ්ඩුව වලියකුන් සඳහා වෙන් වන බව යක් දෙස්සන්ගේ අදහසයි. ඇතා පිටින් වඩිනවා          පෙනෙන්නාදෑලේ පන්දම් එලිය            පෙනෙන්නාහෙණ්ඩු දෙකක් දෑතේ       දිලිසෙන්නාවලියක් දෙවි වඩිනවා        පෙනෙන්නා  ⭐ඇඳුම් ආයි­ත්තම් වලි­යක් මංග­ල්‍යය නටන ශිල්පීන් සැර­සෙන්නේ කොහොඹා දෙවි­යන්ගේ ඇඳුම් කට්ට­ලය සේ සැල­කෙන වෙස් කට්ට­ල­ය­කිනි. එහි වලි­යක් දෙවි­යන්ගේ ආභ­රණ සිහි­පත් කර­මින් ඔටුන්න මත “සිවි­ලිය” තැන්පත් කර ඇති අයුරු දැකිය හැකිය. “සිවි­ලිය” බැඳීම වලි­යක් මංග­ල්‍ය­යයේ කෙරෙන විශේෂ කාර්යකි. එය කෙරෙන්නේ සය වැනි දින­යේය. නිය­මා­කා­ර­යෙන් නම් වලි­ය­කුම නැටිය යුත්තේ “සිවි­ලිය” නමැති විශේෂ හිස් පල­ඳ­නාව සහි­තව බව මුදි­යන්සේ දිසා­නා­යක මහතා දක්වයි. වර්ත­මා­නයේ සිවි­ලිය නොප­ල­ඳින්නේ වස් වැටීම පිළි­බ­ඳව ඇදු­රන් තුළ පව­තින විශ්වා­සය නිසාය. “සිවි­ලිය” වෙස් තට්ටුව මෙන් දෙගු­ණ­යක් පමණ වන ශීර්ෂා­භ­ර­ණ­යක් වන අතර එය හිසේ සිවි­ලිය ජටාව බැඳී­මෙන් පසු බඳිනු ලබ­න්නකි. එය පැලඳ නැටූ ඇඳු­රන් කීප දෙනෙ­කුම ක්‍ෂණි­කව මර­ණ­යට පත් වූ බවට පව­තින වාර්තා නිසා කිසිම ඇඳු­රෙක් එය පැළැ­ඳී­මට ඉදි­රි­පත් නොවේ. එම නිසා එය පූජා භාණ්ඩ­යක් ලෙස සලකා වලි­යක් මංග­ල්‍යය පැවැ­ත්වෙන විට රඟ­ම­ඩල වෙත ගෙන එනු ලැබේ. එය ගෙන එනු ලබන්නේ වන්නකු රාල හෝ ප්‍රධාන කපු මහතා විසිනි. එය වඩ­ම­වන විට ප්‍රධාන යක්දෙස්සා විසින් සිවි­ලිය සම්බන්ධ කෝල්මුර කවි ගායනා කරනු ලැබේ. මෙයට වසර 50කට පමණ පෙර එසේ වඩ­ම­වන සිවි­ලිය යක්දෙ­ස්සාගේ හිස මත තබා බැඳ යළි ගලවා දේවා­ල­යට වඩ­ම්මවා ඇත. මේ සිවි­ලිය බැඳීමේ චාරි­ත්‍රය අන්‍ය­යන්ට දර්ශ­නය නොවන ලෙස කළ යුතු චාරි­ත්‍ර­යක් හෙයින් වහ­න්ත­රා­ව­කින් ආව­ර­ණය කර­ගෙන කරන ලදි. සිවි­ලිය ගැලවූ පසු යක්දෙස්සා හා බෙක­රුවා ආව­ර­ණය කර­ගෙන රඟ හලෙන් ඉවත් කරනු ලැබේ. එම යක්දෙ­ස්සාට හා බෙර­ක­රු­වාට දේවා­ල­යෙන් විශේෂ ගෙවී­මක්ද කරනු ලැබේ. සිවි­ලිය ස්පර්ෂ කිරීම වස් වැදෙන කාර­ණ­යක් ලෙස සල­කන ලද නිසා එය කිසි­වෙ­කුට නොපෙ­නෙන පරිදි කරන ලදි. වර්ත­මා­නයේ එය කෙරෙන්නේ නැත. වලි­ය­කුමේ පව­තින ගරු ගම්භී­ර­කම නිසාම එයට සහ­භාගී වන සිය­ලුම ශිල්පීන් දින 7ක් මස් මාංශ භක්‍ෂ­ණය, මත්පැන් පානය, ස්ත්‍රී සේව­නය ආදී කිලි­ව­ලින් වැළකී සිටිය යුතුය. එසේ කැප­වීම “පේ වීම” ලෙස හැඳින්වේ. වලි­යක් මංග­ල්‍ය­යේදී හත් දිනට කෙරෙන කාර්ය පිළි­බඳ සවි­ස්තර විස්ත­ර­යක් මුදි­යන්සේ දිසා­නා­යක මහතා සිය වලි­යක් මංගල්‍ය පිවි­සුම ග්‍රන්ථ­යෙහි දක්වා ඇත. ඒ අනුව දින හතේ කෙරෙන කාර්ය සංක්‍ෂප්ත කොට දැක්වු­ව­හොත් මෙසේය.  ⭐දින හතේ කට­යුතු පළමු දිනය🙏   වලියක් මංගල්‍යයේ ප්‍රථම දිනය පේ කරන දිනය නම් වේ. මෙහිදී මඩු පේ කිරීම, තොට පේ කිරීම, මල පේ කිරීම, යක් ගේ පේ කිරීම, බලි පේ කිරීම, හඟල පේ කිරීම, යහන පේ කිරීම, අයිලෙ පේ කිරීම, දුනු පේ කිරීම, අතෝරකරුවන් පේ කිරීම, යක්දෙස්සන් පේ වීම සිදු වේ.එම පූජා චාරිත්‍ර දළදා මාලි­ගාවේ සවස හයට තේවා හේවිසි වාද­නය ආරම්භ කර­න­වාත් සම­ඟම පට­න්ගත යුතුය. එදින පූජා චාරිත්‍ර රාත්‍රී නවය පමණ වන විට අව­සන් වේ. සෑම ශාන්ති කර්ම­ය­ක­දීම ඒ හා සම්බන්ධ පුද්ග­ල­යන් පූජා භාණ්ඩ, ශාන්ති කර්ම මඩුව ආදිය ශාන්ති කර්ම­යට සුදුසු පරිදි පිළි­යෙල කිරීම පේ කිරීම යනු­වෙන් අද­හස් කෙරේ. වලි­යක් මංග­ල්‍යය සඳහා මඩුව පිළි­යෙල කිරීමේ දී රංග භූමිය මධ්‍යයේ “සොලොස් මගල” අඳිනු ලැබේ. එසේම රඟ­ම­ඩල වහලේ සුදු වියන් බැද එහි හරි මැද පොල් මල­කින් හා ගොක් කොළ­ව­ලින් කරන ලද සැර­සි­ල්ලකි. එය "මුව මල"/“ගව­ර­මල” ලෙසින් හැඳින්වේ. සොළොස් මගල අසල දකුණු පස පිරු­වට ඇඳ­ගත් ආලන්ති අම්මා­වරු වාඩි වී සිටිති. ප්‍රධාන දොර­ටුව ඉදි­රි­පස පිල්ක­ඩෙහි කෙසෙල් කොළ මත සුදු සහ­ලෙන් පිසින ලද බත් ගොඩ­වල් තුනකි. එහි දෙපස පහන් දල්වා ඇත. ආලන්ති අම්මා­ව­රුන්ට වම් පසින් “සිවිලි වළන්” නමින් හඳු­න්වන කුඩා මුට්ටි 12කි. ඒ මත නිල්පාට රෙදි කඩක් අතුරා ඇත. එහි පූජා වට්ටි­යක් තබා ඇත. සවස 6ට පමණ වෙස් ඇඳු­මෙන් සැර­සුණ ප්‍රධාන යක්දෙස්සා රඟ­ම­ඩ­ලට පැමි­ණෙයි. ඉක්බිති හේවිසි වාද­නය පැවැ­ත්වෙන අතර විෂ්ණු දේවා­ලයේ ප්‍රධාන කපු මහතා වලි­ය­කු­මට දායක වන අයගේ නළලේ පර­හද තව­රයි.බෙරකරුවන් හා යක්දෙස්සන් දෙදෙනෙකු විශ්ණු දේවාලයට නමස්කාර කිරීමෙන් අනතුරුව මඟුල් බෙර වාදනය ආරම්භ කරයි.මෙහිදී දේව පදය හා පිරීමේ පදය පමණක් වාදනය කරයි. ඉන් පසු කවි ගායනය ආරම්භ වේ. පිරිත් හුයේ කවි, සොළොස් මඟලෙ කවි මෙහිදී ගයන අතර වමතට වජ්‍රා මිණිය හෙවත් අත් මිණියද, දකුණතට නව කොළ අත්තක් ද රැගෙන කවි ගායනා කරයි. අවසන මින් සෙත් ශාන්ති කරයි.කවි ගායනෙයෙන් අනතුරුව පඬුරු ලෑම නම් අවස්ථාව උදා වේ. මෙහිදී යක්දෙස්සන්  දෙදෙනා දේවාලයේ දොරටුව අභියස දෑත් බිම ඔබා නමස්කාර කර සිටී. නරඹන්නන් පිටුපසින් පැමිණ  ඔහුගේ ජටා පටියෙහි, ඒකා වැලෙහි තමන් සූදානම් කරගෙන පැමිණි පඬුරු ගැට ගසති. පඬුරු ලෑම අවසන හේවිසි වාදනය සිදු කරන අතර වන්නකුරාළ විසින් නැවත වරක් දේවාභරණ දේවාලය වෙත වැඩමවනු ලැබේ. ප්‍රධාන යක්දෙස්සා යාතිකාවක් කියන අතර සෑම පදයක් අවසානයේ ම ආලත්ති අම්මාවරු "ආයුබෝවා" කියා ආශිර්වාද කරයි.   ඊට පසු වන්න­කු­රාල දේවා­ලයේ වැඩ සිටින මාලයේ සිට දේවා­භ­රණ රඟ මඬ­ලට වඩ­ම­වනු ලැබේ. දෙවන දිනය🙏 දෙවන දිනයේ පූජා චාරිත්‍ර ආරම්භ වන්නේ රාත්‍රි 7ට පම­ණය. එදින විශේ­ෂ­යෙන් කෙරෙන්නේ මඩු­පු­රයේ කවි ගාය­නය කර­මින් මල නැටී­මය. එමෙන්ම මඩුව පිළියෙළ කිරීම, සූදානම් වීම ආදිය සිදු වේ. අනතුරුව දේවපදය හා මඟුල් බෙර වට්ටම් වාදනය කරයි. අනතුරුව මල නැටීම ආරම්භ කෙරේ. මෙහිදී පේ කරන ලද පොල් ගස්වලින් කපා ගත් පොල් මල් පූජා භාණ්ඩය ලෙස යොදා ගනී. පේ කරන ලද පොල්මල්වලට සුවඳ දුම් අල්ලා මඩුපුරයේ කවි ගායනා කරමින් නර්තනය අරඹයි. මෙහිදී "තකුක්කු ජිං කඩතක" බෙර පදයට අනුව කවි ගයමින් නර්තනය කරයි. අනතුරුව විවිධ නාදමාලා අනුව කවි ගායනා කරමින් මල නැටීම සිදු කරයි. මෙහිදී පත්තිනිය හා වීරමුණ්ඩ දෙවියන් වන්දනට පාත්‍ර වේ.                         කාගේ මේ විත්තිය         -        වීරමුණ්ඩ දෙවියන්ගේ කීර්තිය                         හළඹ හඳ නැවැත්විය     -        වල්ල මල මෙතැනට අයිතිය                             කොමළ අතින් තම තනය              කඩාගෙන                            දෙමළ මෝඩ පඬි පුර ගිනි                 ලාගෙන                            එමල කදේ ගිය පණ                 ගෙන්වාගෙන                            මෙවැනි  කව්ද පතිනිය මිස           වෙන නැත    මල නැටීමේ දී විවිධ වූ නාදමාලා අනුව මඩුපුරයේ කවිද ගායනා කෙරේ. අවසානයේ මල හිසේ ගස්සගෙන වස් දොස් නිවාරණය කරයි. මෙහිදී වලියක් දෙවියන්, කොහොඹා දෙවියන්, ඉරුගල් බණ්ඩාර දෙවියන්, වැදි යක්තුන් දොළොස සිහිපත් කොට වරම් ලබා ගනී. එය අව­සන් වූ පසු පඬු­රු­ලෑමේ අව­ස්ථාව එළඹේ. එය අව­සන් වූ පසු සංඛනාද හේවිසි මධ්‍යයේ වන්න­කු­රාල දේවා­භ­රණ ආපසු දේවා­ල­යට වැඩ­ම­වයි. එදින රාත්‍රි 9-00ට පමණ චාරිත්‍ර විධි අව­සන් වේ. තුන්වන දිනයේ “යක්ඇ­ණ­වුම” රංග­නය ඉදි­රි­පත් කෙරේ. මෙය යකුන්ට/දෙවි­යන්ට රඟ­ම­ඩල වෙත පැමි­ණෙන ලෙස කරන ආරා­ධනා නැටු­මකි. එයින් පසු ප්‍රධාන යක්දෙස්සා යාති­කා­වන් මඟින් ඇසළ පෙර­හ­රට දායක වූ සිය­ලුම ජන­කො­ටස් වලට වස්දොස් ඇති වූයේ නම් ඒවා දුරු­ක­රනු පිණිස වලි­යක් මංග­ල්‍යය පව­ත්වන බව කියයි. තුන්වන දිනය🙏         මඩුව පිළියෙළ කිරීම හා සූදානම් වීමේ චාරිත්‍ර කිරීමෙන් අනතුරුව මඟුල් බෙර පළමු වට්ටම සම්පූර්ණයෙන් වාදනය කරයි. ඉන් අනතුරුව යක් දෙස්සන් දෙදෙනෙකු විසින් යක් ඇනුම පුරයි. වලියක් මංගල්‍යයට අදාළ යකුන්ට, දෙවියන්ට රඟ මඬල වෙත පැමිණෙන ලෙස ආරාධනා කරන නැටුමක් ලෙස යක් ඇනුම නටනු ලැබේ. යක් යනු දෙවියන් යන්නයි. ඇනවුම යනු ආරාධනය යන්නයි.පේ වුනු යක්දෙස්සන් දෙදෙනා විසින් එක්ව යහනට නමස්කාර කරයි. වමතට පොල් පන්දමක් ද දකුණට ඊගස ද රැගෙන යක්කැනුම නටනු ලැබේ. යක් ඇනුමේ එක් එක් කොටස අවසන දේවාලය ඉදිරියේ වැඳ වැටෙන් යක් දෙස්සෝ "අවසර පස්වාන් දහසකට කල්පාන්තරයකට ඉර හඳ පවතිනා තේකට" යයි පවසයි. එවිට ආලත්ති අම්මාවරු "ආයුබෝවා" යැයි තුන් වරක් ප්‍රකාශ කරයි. මෙම අවස්ථාවේ යක් ඇනුම සම්පූර්ණයෙන් නටනු නොලැබේ.       අනතුරුව අයිලෙ යැදීම නම් ගද්‍ය සැහැල්ල ගායනා කරයි. වලියක් මංගල්‍යයේ දී පුද ලබම සෑම දේව යක්ෂ කොට්ඨාසයකටම යහනට වඩිනා ලෙස ආරාධනා කෙරේ. අනතුරුව ඵලවැල දානය නම් පෙළපාලිය ඉදිරිපත් කරයි. මෙහිදී සීතා දේවිය හා සම්බන්ධ කතා පුවතත් කවියෙන් ඉදිරිපත් කෙරේ. අනතුරුව ඇසළ පෙරහැර පැවැත්වීමට දායක වූ නිලමෙවරු, ඇතුලු කට්ටලේ හා පිට කට්ටලේ සියලුම පංතිවල ජනයාට ඇති වූ වස් දොස් වේ නම් එම වස්දොස් දුරලීම පිණිස වලියක් මංගල්‍යය පවත්වන බවට යාතිකාවෙම ප්‍රකාශ කරයි. ඉන් පසු පඬුරු ලෑම, දේවාභරණ ආපසු වැඩමවීම ආදී චාරිත්‍ර ඉටු කරයි. හතරවන දිනය🙏 හත­ර­වන දිනයේ පූජා චාරිත්‍ර ආරම්භ වන්නේ පෙර මෙන් පූජා චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු රාත්‍රි 8.30ට පමණ වලියකුම අරඹමිනි. අනතුරුව මඟුල් බෙර වයා අයිලය යැදීම, දේවාරාධනාව, යකැනුම,, මල රජ උපත් කතාව, ඵල වැල දානය ඉදිරිපත් කෙරේ. අවසානයේ සෙත් කවි කියා ආශිර්වාද කරයි.       කියා කවි සන්ධිය              -      නොකියා දොළොස් සන්ධිය         ඇරගෙන ගඟෙන් දිය        -     කරති දෙවියෝ සුභ සාන්තිය  අනතුරුව පඬුරු ලෑමෙන් පසු ආභරණ දේවාලයට වඩම්මවයි.  එදින චාරිත්‍ර නිම වන විට රාත්‍රි 12 පමණ වේ. පස්වන දිනය🙏 පස්වන දින චාරිත්‍ර ආරම්භ කරන්නේ රාත්‍රි 8-30ට පම­ණය. ආරම්භක චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමෙන් පසු මඟුල් බෙර වයා, අයිලය යැදීම, හඟල යැදීම, යක් ඇනුම, දේවාරාධනාව, මලරජ උපත් කවි, ඵලවැල දානය යන පෙළපාලි ඉදිරිපත් කරන අතර පස්වන දිනයේදී ආවැන්දුම හා වැදි දානය ඉදිරිපත් කරයි. මෙහිදී වැද්දන් පූජාවට පාත්‍ර වේ. එදින සිය­ලුම චාරිත්‍ර විධි රාත්‍රි 10-30 ට පමණ නිම වේ. හයවන දිනය🙏 වලි­ය­කුමේ උත්ක­ර්ෂ­වත් දිනය වන්නේ හය වැනි දින­යයි. එදින පූජා ආරම්භ වන්නේ රාත්‍රි 9-00ට පම­ණය. මෙදින “මහ­ය­කුම” යනු­වෙන්ද හඳු­න්වනු ලැබේ. එදින නැට්ටු­වන් වැඩි වන අතර මෙතෙක් දින දක්වන ලද පෙළ­පා­ළි­ව­ලට වඩා විවිධ වෙන­ස්කම් සහිත පෙළ­පාළි රඟ­ද­ක්වයි. විශාල ශිල්පීන් සංඛ්‍යාවක් සම්බන්ධ වීමත් වෙස් ඇඳි නළුවන්ට අමතරව තනි කච්චියෙන් සැරසුණු නළුවන් දෙදෙනෙකු සම්බන්ධ වීමත් මෙහි විශේෂ වේ. 6වන දින දී මඟුල් බෙර සම්පූර්ණයෙන් වයන අතර අත්‍යා බෙර වාදනය ද සිදු කෙරේ. අනතුරුව අයිලය යැදීම හා දේවාරාධනාව සිදු කරයි. මෙහිදී කිත්සිරි, සඳලිඳු,මලනිඳු යන මල රජ තුන් කට්ටුවටද කුඩා ගුරු මහා ගුරු , කොටවැදි රාජෝත්තමයාණන්, වැදි තුන් දොළොස, වෘක්ෂ දේවතාවුන් පුද ලබයි. හය වන දිනයේ දී දර්ශන යක්කම නයා යක්කම වැදි යක්කම, කීල බැඳීම, සිවිලිය වැඩමවීම, යක් ඇනුම, අස්නෙ නර්තනය කෙරේ. අනතුරුව යක්තුන් පදය ඉදිරිපත් කරයි. ඉන්පසු පස්පද පෙළපාලිය නටනු ලැබේ. මෙහිදී කොතල පදය, දුම්මල පදය, බුලත් පදය, පොල් පදය, සළු පදය නටනු ලැබේ. අනතුරුව සිවිලිය නම් දේව ආභරණය වඩමවනු ලැබේ. සිවිලිය සිවිලි වළං මත තබා දණ නමා ආශිර්වාද කරයි. අනතුරුව කෝල්පාඩුව නටනු ලැබේ.ඉන්පසු කෝල්මුර කවි ගයමින් නටා වැදි යක්කම ඉදිරිපත් කරයි. ඉන්පසු කෝල්මුර කවි ගයමින් නටා වැදියක්කම ඉදිරිපත් කරයි. ඉන්පසු ඵලවැල දානය, ආවැන්දුම, නයා යක්කම ඉදිරිපත් කෙරේ. නයායක්කම අවසන පඬුරු රැස් කරයි. ඉන්පසු මහ යක්කම ඉදිරිපත් කරයි. අලුයම 4ට පමණ කීල බැඳීම හෙවත් පන්දම් නැටුම ඉදිරිපත් කරයි. අනතුරුව ගුරුගේ මාලාව අරඹයි. මෙය හාස්‍යමය රසයෙන් යුත් නාට්‍යමය පෙළපාලියකි. අනතුරුව කඩවර දෙවියන්ට කවි ගායනා කරයි.   අලු­යම 5-30 ට පමණ දළදා මාලි­ගාවේ අලු­යම් දුරය හේවිසි වාද­නය වන විට එදින පූජා චාරිත්‍ර අව­සන් කළ යුතුය.  හත්වන දිනය🙏 වලියකුමේ අවසන් දින දළදා මාලිගාවේ පෙරහැර ආරම්භ කරන වේලාවට චාරිත්‍ර ආරම්භ කරයි. එදින මඩුව පිළියෙළ කිරීම හා සූදානම් වීම සිදු කොට මඟුල් බෙර වයා යක් ඇනුම හා කොහොඹා හෑල්ල නර්තනය කරයි. අවසන් දින සුවිශේෂී චාරිත්‍රයක් ලෙස "කාලි යාම"නම් චාරිත්‍රය ඉටු කරයි. මෙහිදී නෛඅඩි ඇඳුම් කට්ටලයෙන් සැරසී නළුවන් දෙදෙනෙක්  මොට්ටැක්කිලියක් හෝ වහන්තරාවක් පැළඳ දේවාලය ඉදිරියට පැමිණ ප්‍රධාන දොරටුව අභියස සිට දේවාලයට හා දේවාභරණවලට නමස්කාර කරයි. මෙසේ තෙවරක් ආචාර කරන අතර ඒ සෑම අවස්ථාවකම යක්දෙස්සන් හා ආලත්ති අම්මාවරු පස්වාන් දහසකට කල්පාන්තරයකට ඉර හඳ පවතිනා තේකට ආයුබෝවේවා කියා ආවඩති. අතීතයේ මෙම නමස්කාර කරන සෑම අවස්ථාවක දීම ඇහැළ කණුව අසළ සිට (ඇහැළ ගේ) වන්නකුරාළ විසින් බත් ගුලි දෙකක් දිය යුතුය. මෙම යක් දෙස්සන් සමඟ බෙරවාදකයා ද විශ්ණු දේවාලය වටා ගමන්කරයි. ප්‍රථම දිනයේ වහ­ලයේ එල්ලූ ගව­ර­මල පහ­ළට කර එය කර­ක­ව­මින් එහි නොගෑවී නටති. අව­සා­නයේ මල ගල­වති. එහි කොටස් ගැනී­මට නර­ඹන්නෝ පොර බදිති. සත් දින වලි­යක් මංග­ල්‍යයේ අව­සාන පෙළ­පා­ළිය “ගරා­ය­කු­මයි”. හද්දා වලි­ය­කු­මට පසු දින හතක්ම බත්, මාළු, වෑංජන සහිත බලි බත් පිදීම හා එයින් පසු දින දහ හත­රක් පහන් දැල්වීම සිදු කෙරුණ බව රැල්ෆ් පීරිස් මහතා “සිංහල සමාජ සංවි­ධා­නය” ග්‍රන්ථයේ සඳ­හන් කොට ඇත. Copied...

රටම දන්න මාවනැල්ල ගනේතැන්නේ "සුදුමැණිකේ" ලංකාවේ ලාබාලතම හස්ති හිමිකාරිනිය "මීෂා මිරිහැල්ල"
NEWS UPDATE
Aug 31, 2026 1 week ago

රටම දන්න මාවනැල්ල ගනේතැන්නේ "සුදුමැණිකේ" ලංකාවේ ලාබාලතම හස්ති හිමිකාරිනිය "මීෂා මිරිහැල්ල"

රටේම අවධානය දිනාගත් නුවර හොල්ලපු ලංකාවේ ලාබාලතම හස්ති හිමිකාරිය සතු " ගනේතැන්නෙ සුදුමැණිකේ " 🐘✨  "ගනේතැන්නේ රාමා" සහ ගනේතැන්නේ සුදුමැණිකෙගේ ලංකාවේ ලාබාලතම හස්ති හිමිකාරිය වන මීෂා මිරිහැල්ල ගේ අනුපමේය සත්ව ප්‍රේමය ! 🐘✨ ​මහනුවර ඇසළ පෙරහරේදී කතරගම දේවාලය නියෝජනය කරමින් එක් වූ අපූරු "සුදු මැණිකේ" ඇතින්න පෙරහර අසිරිය දෙගුණ තෙගුණ කරමින් ඉතා අලංකාරව නර්තනයේ යෙදෙන ආකාරය දකින ඕනෑම කෙනෙකුගේ නෙත් සිත එකවර පැහැර ගන්නකි.  සංස්කෘතික අසිරිය මැනවින් කියාපාමින් ඇය පාද තබන විලාසය සහ පෙරහර වර්ණවත් කරන ඒ අපූරු නර්තන විලාසය සැබැවින්ම මනස්කාන්තය! ​නමුත් මෙවර පෙරහරේදී ඇයට සහ ඇගේ ඇත්ගොව්වාට මුහුණදීමට සිදු වූයේ අතිශය අපූරු හා පුදුම සහගත සිදුවීමකටයි. සිව්වන රන්දෝලි පෙරහර දින තේ පානය කිරීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී, දළදා වීදිය සහ යටිනුවර වීදිය මංසන්ධියේ පොලිස් මුරපොළේදී ඇත්ගොව්වා සතුව තිබූ ගස් කැපීමට භාවිත කරන පිහිය නිසා ඔහු දැඩි ප්‍රශ්න කිරීමකට ලක් විය.  තමන් කතරගම දේවාලයේ ඇත්ගොව්වකු බවට හැඳුනුම්පත පෙන්වමින් කොතරම් පැහැදිලි කළත්, රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් එය පිළිගෙන නැත. අවසානයේදී, "පොලිස් නිලධාරියෙකුට දේවාලයට පැමිණිය නොහැකි බැවින්, පිහිය හා හැඳුනුම්පත ලබා ගැනීමට නම් අලියා පොලිස් මුරපොළ වෙත රැගෙන එන්න" යැයි දන්වා තිබේ! ​වෙනත් කළ හැකි දෙයක් නොමැති තැන, පෙරහර නැරඹීමට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව  මැදින්, සාමාන්‍ය ගමනකට වඩා අතිශය වේගයෙන් සහ තේජාන්විතව ඇය කෙළින්ම ඇගේ පාලකවරයා සමග පොලිස් මුරපොළ ඉදිරියට පය තැබුවේ තමන්ගේ පාලකවරයා වෙනුවෙන් පෙනී සිටින්නාක් මෙනි.  "පොලිස් නිලධාරීන්ට දේවාලයට එන්න බැරි නම්, අලියා පොලිසියටම ගෙනෙන්න" යැයි කළ නියෝගය අකුරටම ඉටු කරන්නට මෙන්, පුංචි බරක්වත් නොමැතිව සැහැල්ලු නමුත් අභිමානවත් වේගයකින් ඇය ඉදිරියට ඇදී ගිය ඒ අපූරු ඉරියව්ව සැබැවින්ම සිත් ඇදගන්නා සුළු විය!  පොලිස් මහත්වරුන්ටත් තමන්ගේ රාජකාරී මේසය ඉදිරියටම පැමිණි මේ දැවැන්ත සුන්දරත්වය දෑසින්ම දැක බලා ගැනීමට ඒ හරහා අවස්ථාව ලැබිණි.  අලියා සජීවීව දැකබලා ගැනීමෙන් පසුව පමණක් පොලීසිය ඔහුගේ හැඳුනුම්පත සහ පිහිය යළි භාර දී තිබේ.  පොලීස් මහත්වරුන්ටත් ඉතින් සුදු මැණිකේව බලන්නම ඕන වෙලා වගේ! 😉🐘 ​මෙම අපූරු සිදුවීම සමාජමාධ්‍යයේ අතිශයින්ම ජනාදරයට පත්වී ඇත.   මේ ආදරණීය හස්තීන් සම්බන්ධයෙන් අප අනිවාර්යයෙන්ම කිව යුතු විශේෂ කතාවක් ඇත.  "සුදු මැණිකේ" ඇතින්නගේ මෙන්ම, ශ්‍රී ලංකාවේ වර්තමානයේ සිටින උසම අලියා වන අතිවිශාල සහ තේජාන්විත  දැවැන්තයා  වන "ගනේතැන්නේ රාමා" හස්තියාගේද අයිතිය හිමිව ඇත්තේ ගනේතැන්නේ මිරිහැල්ල පවුලටයි.  මේ දැවැන්තයින් දෙපළම රැකබලා ගැනීම යනු සාමාන්‍ය කටයුත්තක් නොව, අතිමහත් කැපකිරීමක් අවශ්‍ය වන සුවිශේෂී වගකීමකි. ​ශ්‍රී ලංකාවේ ලාබාලතම හස්ති හිමිකාරිය වන මීෂා මිරිහැල්ල තරුණ හස්ති හිමිකාරියයි.   අද වන විට මුළු රටේම දැඩි අවධානයට හා අතිශය ප්‍රශංසාවට ලක් වූ අපූරු තරුණ චරිතයකි!  🌟🐘 අද කාලයේ බොහෝ තරුණ තරුණියන් තමන්ගේ පෞද්ගලික ලෝකවල පමණක් අතරමං වෙද්දී, මෙම තරුණිය  ඉතා ලාබාල වියේදීම අපේ රටේ අභිමානවත් සංස්කෘතික සංකේතයක් සහ පුරාණ උරුමයක් වන අලි ඇතුන් ආරක්ෂා කිරීමේ බරපතල මෙන්ම වගකීම් සහගත මෙහෙයුම තම  උරමතට ගෙන සිටීම සැබැවින්ම මුළු රටටම ආඩම්බරයකි.  ඇය තරුණ වියේ පසුවුවද, ඉතා පරිණත අයුරින් වගකීම් දරමින්, සත්ත්ව ප්‍රේමය ප්‍රායෝගිකවම මුළු ලෝකයටම පෙන්වා දෙමින් සිටින්නීය. ​දළදා මාලිගා පරිශ්‍රයේදී මෙන්ම සෑම තැනකදීම ඇය මේ සතුන් රැකබලා ගන්නා ආකාරය, ආදරයෙන් අතගාන ආකාරය සහ ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලන අයුරු දකින ඕනෑම අයෙකුගේ දෙනෙතට නැගෙනුයේ සතුටු කඳුළකි. ඇය මේ හස්තීන් කිසිවිටෙකත් වස්තුවක් හෝ ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස දකින්නේ නැත; ඒ වෙනුවට, ඇය ඔවුන් දකින්නේ තමන්ගේම කුසින් වැදූ දරුවන් මෙන් අතිශයින්ම ළෙන්ගතුවය.  ඒ වගේම, මේ ආදරණීය "සුදු මැණිකේ" ඇතින්න මෙන්ම දැවැන්ත "ගනේතැන්නේ රාමා" හස්තියාද ඇය කෙරෙහි දක්වන අමිත භක්තිය, ආදරය සහ බැඳීම දෙස බලන විට පෙනී යන්නේ, මෙය කියා නිම කළ නොහැකි තරම් ගැඹුරු, සසර පුරා ගෙන ආ අපූරු ආත්මීය බැඳීමක් බවයි. ​අපේ රටේ අභිමානවත් පෙරහර සංස්කෘතිය සහ උරුමය අනාගතයට රැගෙන යාම වෙනුවෙන්, තම ජීවිතය මෙන් මෙම හස්තීන් ඉතා ආදරයෙන්, කරුණාවෙන් රැකබලා ගන්නා ගනේතැන්නේ මිරිහැල්ල පවුල ඇතුළු සමස්ත හස්ති හිමිකරුවන්ටත්, දවසේ පැය විසිහතර පුරාම දැඩි කැපවීමකින් හා නොමද ආදරයකින් මේ දැවැන්තයින් රැකබලා ගන්නා අපේම රටේ සියලුම ඇත්ගොව්වන්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය හා ප්‍රණාමය පුද කරමු!  අපේ උරුමය සුරැකීම වෙනුවෙන් ඔබ පවුල මේ සිදුකරන මහඟු මෙහෙය රටක් ලෙස අප සදා අගය කරමු.  මීෂා මැතිනියණි , ඔබේ මේ සත්ත්ව හිතවාදී ගමනට අපේ හෘදයාංගම සුබ පැතුම්! 🙏❤️ තෙරුවන් සරණයි ....! උපුටා ගැණිමක් වේදිකාවේ දිලෙන තරු  ​#SuduMenike #GaneseththneRama #MeeshaMihiriella #YoungestElephantOwner #PeraheraCulture #ElephantLovers #SriLanka

මාවනැල්ලේ සිට යාපනය දක්වා අභියෝගාත්මක පාපැදි චාරිකාව සාර්ථකව නිම කළ Mawanella Racing Cycling Club හි සියලුම ධාවකයින්ට අපගේ උණුසුම් සුබ පැතුම්!👏🏆️
NEWS UPDATE
Aug 30, 2026 1 week ago

මාවනැල්ලේ සිට යාපනය දක්වා අභියෝගාත්මක පාපැදි චාරිකාව සාර්ථකව නිම කළ Mawanella Racing Cycling Club හි සියලුම ධාවකයින්ට අපගේ උණුසුම් සුබ පැතුම්!👏🏆️

මාවනැල්ලේ සිට යාපනය දක්වා අභියෝගාත්මක පාපැදි චාරිකාව සාර්ථකව නිම කළ Mawanella Racing Cycling Club හි සියලුම ධාවකයින්ට අපගේ උණුසුම් සුබ පැතුම්!

❤️ හදවත් දිනූ මනුෂ්‍යත්වය: ලෝක විද්වතුන් දුටු මුහම්මද් නබිතුමාගේ උදාර චරිතය
NEWS UPDATE
Aug 27, 2026 1 week ago

❤️ හදවත් දිනූ මනුෂ්‍යත්වය: ලෝක විද්වතුන් දුටු මුහම්මද් නබිතුමාගේ උදාර චරිතය

❤️ හදවත් දිනූ මනුෂ්‍යත්වය: ලෝකයේ විද්වතුන් දුටු මුහම්මද් නබිතුමාගේ උදාර චරිතය අප ජීවත් වන මේ සංකීර්ණ සමාජය තුළ, ජාති, ආගම් හෝ කුල-මල භේදයකින් තොරව අප කවුරුත් සොයන්නේ එකම දෙයකි — සැනසීම, කරුණාව, විශ්වාසය සහ මනුෂ්‍යත්වයයි. මනුෂ්‍යත්වයට ආදරය කරන ඕනෑම හදවතක්, උදාර මිනිස් ගුණාංගවලට හිස නමයි. මිලාදුන් නබි උත්සවය සිහිපත් කරන මේ අවස්ථාවේදී, මුහම්මද් නබිතුමාගේ චරිතය පිළිබඳ ඉස්ලාම් භක්තිකයන් පමණක් නොව, වෙනත් ආගමික හා බුද්ධිමය පසුබිම්වල සිටි ලේඛකයන්, ඉතිහාසඥයන් සහ චින්තකයන් දක්වා ඇති අදහස් දෙස බැලීම සිත්ගන්නාසුලුය. එතුමාගේ ආගමික මෙහෙවර පිළිබඳ විශ්වාසයන් වෙනස් වුවද, එතුමාගේ නායකත්වය, සරල බව, විශ්වාසවන්තභාවය සහ සමාජයට කළ බලපෑම පිළිබඳ සඳහන් කර ඇති අදහස් ඉතිහාසයේ වැදගත් ස්ථානයක් ගනී. 🌟 1. මයිකල් එච්. හාර්ට්: ඉතිහාසයේ වඩාත්ම බලපෑම් කළ පුද්ගලයා ඇමරිකානු ලේඛකයෙකු සහ භෞතික විද්‍යාඥයෙකු වූ මයිකල් එච්. හාර්ට් (Michael H. Hart) විසින් 1978දී ප්‍රකාශයට පත් කළ The 100: A Ranking of the Most Influential Persons in History කෘතියේ, ඉතිහාසයේ වඩාත්ම බලපෑම් කළ පුද්ගලයන් අතර මුහම්මද් නබිතුමාට පළමු ස්ථානය ලබා දී ඇත. ඔහු එම තේරීම පැහැදිලි කරමින් සඳහන් කළේ, මුහම්මද් නබිතුමා ආගමික මෙන්ම ලෞකික/සමාජීය මට්ටම් දෙකෙහිම අතිශය සාර්ථක වූ ඉතිහාසයේ අද්විතීය චරිතයක් බවයි. “He was the only man in history who was supremely successful on both the religious and secular levels.” එනම්, ආගමික නායකයෙකු ලෙස පමණක් නොව, සමාජීය සහ දේශපාලනික නායකයෙකු ලෙසද එතුමා කළ බලපෑම හාර්ට්ගේ අවධානයට ලක් විය. (Goodreads) 🌿 2. මහාත්මා ගාන්ධි: සරල බව, විශ්වාසය සහ පොරොන්දු රැකීම භාරතයේ නිදහස් සටනේ ප්‍රමුඛ නායකයෙකු වූ මහාත්මා ගාන්ධිතුමා, මුහම්මද් නබිතුමාගේ ජීවිතය පිළිබඳ තම අදහස් Young India සඟරාවේ 1924 සැප්තැම්බර් 23 දින පළ කළ ලිපියක සඳහන් කර ඇත. එහිදී ගාන්ධිතුමා මෙසේ සඳහන් කරයි: “It was not the sword that won a place for Islam in those days in the scheme of life. It was the rigid simplicity, the utter self-effacement of the Prophet, the scrupulous regard for pledges, his intense devotion to his friends and followers, his intrepidity, his fearlessness, his absolute trust in God and in his own mission.” මෙහිදී ගාන්ධිතුමා අවධානය යොමු කරන්නේ සරල බව, නිහතමානීකම, පොරොන්දු රැකීම, මිතුරන් හා අනුගාමිකයන් කෙරෙහි කැපවීම, ධෛර්යය සහ දෙවියන් කෙරෙහි වූ විශ්වාසය වැනි ගුණාංග වෙතය. (Wikiquote) 📚 3. ජෝර්ජ් බර්නාඩ් ෂෝ: මනුෂ්‍යත්වය පිළිබඳ දැක්මක් සුප්‍රකට අයර්ලන්ත නාට්‍ය රචකයෙකු සහ නොබෙල් සාහිත්‍ය සම්මානලාභියෙකු වූ ජෝර්ජ් බර්නාඩ් ෂෝ (George Bernard Shaw) වෙත මුහම්මද් නබිතුමා පිළිබඳ ඇතැම් ප්‍රකාශ ආරෝපණය කර ඇත. එවැනි ප්‍රකාශයක් The Genuine Islam නම් ප්‍රකාශනයේ 1936දී පළ වූ බව බොහෝ මූලාශ්‍ර සඳහන් කරයි. එහි මුහම්මද් නබිතුමා පිළිබඳ මෙවැනි අදහසක් දක්වා ඇත: “I have studied him — the wonderful man and in my opinion far from being an Anti-Christ, he must be called the Savior of Humanity.” එමෙන්ම, මුහම්මද් නබිතුමා වැනි නායකයෙකු නූතන ලෝකය මෙහෙයවන්නේ නම්, ලෝකයේ ගැටලු විසඳීමට සහ සාමය හා සතුට ඇති කිරීමට හැකි වනු ඇතැයි කියන ප්‍රකාශයක්ද එම මූලාශ්‍රවල දැක්වේ. (Muhammad) කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයන්ගේ නිශ්චිත මූලාශ්‍රය පිළිබඳ පසුකාලීන විවාද පවතින බැවින්, ඒවා නිශ්චිතවම ෂෝගේම වචන ලෙස ඉදිරිපත් කිරීමේදී සැලකිලිමත් විය යුතුය. ඒ නිසා මෙහි එය “ෂෝ වෙත ආරෝපණය කර ඇති ප්‍රකාශයක්” ලෙස සඳහන් කිරීම වඩාත් නිවැරදිය. 🌱 4. එඩ්වඩ් ගිබන්: බලය මැදත් සරල ජීවිතයක් බ්‍රිතාන්‍ය ඉතිහාසඥයෙකු වූ එඩ්වඩ් ගිබන් (Edward Gibbon) තම The History of the Decline and Fall of the Roman Empire කෘතියේ මුහම්මද් නබිතුමාගේ සරල ජීවන රටාව පිළිබඳ සඳහන් කර ඇත. ඔහු මෙසේ ලියයි: “The good sense of Mahomet despised the pomp of royalty: the apostle of God submitted to the menial offices of the family: he kindled the fire, swept the floor, milked the ewes, and mended with his own hands his shoes and his woollen garment.” එනම්, රජකීය ආටෝපයට වඩා සරල ජීවිතයක් අගය කළ එතුමා, තම නිවසේ දෛනික කටයුතුවලටද සහභාගී වූ බව ගිබන් සඳහන් කරයි. (Project Gutenberg) බලය හා නායකත්වය ලැබීමෙන් පසුත් සරල බව අත් නොහැරීම, අද සමාජයටද වැදගත් පාඩමකි. ❤️ අප සැමට ගත හැකි උදාර මිනිස් ගුණාංග මෙම ඓතිහාසික අදහස් දෙස බලන විට, මුහම්මද් නබිතුමාගේ ජීවිතයෙන් අපගේ වර්තමාන සමාජයට ගත හැකි වටිනා මිනිස් ගුණාංග කිහිපයක් පැහැදිලි වේ. 🤝 1. විශ්වාසවන්තභාවය අල්-අමීන් — විශ්වාසවන්තයා — යන ගෞරව නාමයෙන් හැඳින්වුණු මුහම්මද් නබිතුමාගේ චරිතයේ විශ්වාසවන්තභාවය පිළිබඳ සම්ප්‍රදායික ඉස්ලාමීය ඉතිහාසයේ විශාල අවධානයක් යොමු වේ. අද සමාජයේ අපට වඩාත් අවශ්‍ය වන්නේද වචනයක් දුන් විට එය රකින, අන් අයගේ විශ්වාසය ආරක්ෂා කරන මිනිසුන්ය. ❤️ 2. වෛරයට වෛරයෙන් පිළිතුරු නොදීම වෛරය, පළිගැනීම සහ අසමගිය වෙනුවට සමාව, කරුණාව සහ සංයමය තෝරා ගැනීම සෑම ආගමික හා සදාචාරාත්මක සම්ප්‍රදායකම අගය කරන උදාර ගුණයකි. බුදුදහමේද, “නහි වේරේන වේරානි” යනුවෙන් වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව පෙන්වා දෙයි. එබැවින් ආගමික සීමාවන් ඉක්මවා ගිය විට, වෛරය වෙනුවට කරුණාව තෝරා ගැනීම මනුෂ්‍යත්වයට පොදු පණිවිඩයකි. 🍃 3. නිහතමානී බව බලය, ධනය සහ ජනප්‍රියත්වය ලැබුණු විට මිනිසෙකු උඩඟු වීම පහසුය. නමුත් සැබෑ ශ්‍රේෂ්ඨත්වය පෙන්වන්නේ බලය ලැබුණු පසුවත් නිහතමානීව, සරලව සහ මනුෂ්‍යයන් සමඟ සමීපව ජීවත් වීමෙනි. මුහම්මද් නබිතුමාගේ ජීවිතය පිළිබඳ ඉතිහාසඥයන්ගේ සඳහන් කිරීම් තුළ මෙම සරලත්වය විශේෂයෙන් දැකිය හැකිය. 🌍 සැබෑ මනුෂ්‍යත්වයට ආගමික සීමාවක් නැත මුහම්මද් නබිතුමාගේ ආගමික ඉගැන්වීම් පිළිබඳ අපගේ විශ්වාසයන් වෙනස් විය හැකිය. නමුත් විශ්වාසවන්තභාවය, කරුණාව, නිහතමානීකම, සමාව, පොරොන්දු රැකීම සහ මනුෂ්‍යයන්ට ගෞරව කිරීම වැනි ගුණාංග කිසිදු එක් ආගමකට පමණක් සීමා වූ ඒවා නොවේ. ඒවා සැබෑ මනුෂ්‍යත්වයේ පොදු වටිනාකම්ය. ඒ නිසා මිලාදුන් නබි උත්සවය සිහිපත් කරන මේ අවස්ථාවේදී, අපි එකිනෙකාගෙන් වෙන් කරන දේවල් වෙනුවට, අප සියලු දෙනා එකට බැඳ තබන මනුෂ්‍යත්වයේ ගුණාංග සිහිපත් කරමු. ❤️ කරුණාව වපුරමු.🤝 විශ්වාසය ගොඩනඟමු.🍃 නිහතමානී වෙමු.🕊️ සාමය තෝරා ගනිමු. ඔබට මෙම අදහස් වටිනා යැයි හැඟේ නම්, මනුෂ්‍යත්වය, සහෝදරත්වය සහ ආගමික සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් ඔබේ මිතුරන් අතරත් Share කරන්න. ඔබේ එක් Share එකක් තවත් එක් හදවතකට කරුණාවේ සහ සහෝදරත්වයේ පණිවිඩයක් ගෙන යා හැකියි. ❤️🤝🍃

මහනුවර දහවල් පෙරහැර 2026 – දිය කැපීමෙන් පසු ඇසළ පෙරහැර අවසන් වෙන්නේ කොහොමද?
NEWS UPDATE
Aug 27, 2026 1 week ago

මහනුවර දහවල් පෙරහැර 2026 – දිය කැපීමෙන් පසු ඇසළ පෙරහැර අවසන් වෙන්නේ කොහොමද?

රෑ පන්දම් නිවුණාට පෙරහැර ඉවර නැහැ – මහනුවර ඇසළ පෙරහැරේ අවසන් කතාව ලියන දහවල් පෙරහැර අවසන් මහා රන්දෝලි පෙරහැර මහනුවර වීදිවලින් ගෙවදී. කොප්පරා පන්දම් එකින් එක නිවී යයි. බෙර හඬ මඳ වෙයි. දහස් ගණනක් ජනතාව නගරයෙන් පිටව යන්න පටන් ගනී. බොහෝ දෙනා සිතන්නේ, “දැන් මේ අවුරුද්දේ පෙරහැර ඉවරයි.” නමුත් ඇත්තටම කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යයේ කතාව එතැනින් අවසන් වෙන්නේ නැහැ. රෑ පුරා දුටු මහා රන්දෝලියෙන් පසු, අලුයම සිදුවන පෞරාණික දිය කැපීමේ චාරිත්‍රයත්, ඉන් අනතුරුව මහනුවර වීදිවල ගමන් කරන දහවල් පෙරහැරත් සමඟයි දින ගණනාවක් පුරා පැවති මේ මහා සංස්කෘතික පූජෝපහාරය සමාප්තියට ළඟා වන්නේ. 2026 වසරේ දහවල් පෙරහැර පැවැත්වෙන්නේ අගෝස්තු 28 වැනිදායි. එහෙනම් දහවල් පෙරහැර මෙතරම් විශේෂ ඇයි? එය ආරම්භ වෙන්නේ කොහොමද? දිය කැපීම කියන්නේ මොකක්ද? අවසානයේ මුළු ඇසළ පෙරහැර මහා මංගල්‍යය නිමාවට පත්වන්නේ කොහොමද? අපි ඒ කතාව මුල සිටම බලමු. මේ මහා ගමන ආරම්භ වුණේ මහනුවරින් නෙමෙයි 2026 කන්ද උඩරට ඇසළ පෙරහැරේ කතාවේ ආරම්භය Mawanella Api අපටත් විශේෂයෙන් වැදගත්. ඒ, පෙරහැර මංගල්‍යයේ ආරම්භක චාරිත්‍රය වන කප් කැපීම අලුත්නුවරදී සිදු වීම නිසාය. 2026 අගෝස්තු 12 වැනිදා අලුයම යෙදුණු සුබ මොහොතින් ඓතිහාසික අලුත්නුවරදී කප් කැපීමේ චාරිත්‍රය සිදු කෙරිණි. එම කප පසුව අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයට වැඩම කරවා අදාළ චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව මහනුවරට ගෙන යන ලදී. ඉන්පසු නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාල වෙත කප බෙදා දී, අගෝස්තු 13 වැනිදා කප් සිටුවීමේ පෞරාණික චාරිත්‍රය සිදු විය. ඒ සමඟ 2026 ඇසළ පෙරහැර මහා මංගල්‍යයේ චාරිත්‍රානුකූල ගමන ආරම්භ විය. අභ්‍යන්තර පෙරහැරෙන් මහනුවර වීදි දක්වා කප් සිටුවීමෙන් පසු දේවාල අභ්‍යන්තර පෙරහැර දින පහක් පැවැත්වේ. ඉන් අනතුරුවයි මහනුවර වීදිවල ජනතාවට දැකගත හැකි ප්‍රධාන පෙරහැර මාලාව ආරම්භ වන්නේ. 2026 වසරේ කුඹල් පෙරහැර පහ අගෝස්තු 18 සිට 22 දක්වා පැවැත්විණි. ඉන්පසු රන්දෝලි පෙරහැර පහ අගෝස්තු 23 සිට 27 දක්වා පැවැත්වෙන අතර, එහි උච්චතම අවස්ථාව වන අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 27 වැනිදා රාත්‍රී 6.43ට පිටත්වීමට නියමිතය. නමුත් එය වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් චාරිත්‍රය නොවේ. මහා රන්දෝලියෙන් පසු සිදුවන්නේ මොකක්ද? අවසන් මහා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමෙන් පසු පෙරහැර සම්ප්‍රදාය තවත් වැදගත් අදියරකට පිවිසෙයි. පෞරාණික සම්ප්‍රදාය අනුව සධාතුක පෙරහැර කරඬු වහන්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීම සිදු කෙරේ. මේ අතර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාලවල පෙරහැර ගැටඹේ දියකපනා තොට වෙත ගමන් කරයි. එතැනදී තමයි ඇසළ පෙරහැරේ තවත් පැරණි චාරිත්‍රයක් වන දිය කැපීම සිදු වන්නේ. 2026 වසරේ දිය කැපීමේ චාරිත්‍රය අගෝස්තු 28 අලුයම 1.28ට පැවැත්වීමට නියමිතය. “දිය කැපීම” කියන්නේ මොකක්ද? දිය කැපීම යනු සිව්මහා දේවාල සම්ප්‍රදාය සමඟ පරම්පරා ගණනාවක් පුරා පැවත එන චාරිත්‍රයකි. අවසන් රන්දෝලි පෙරහැරෙන් පසු සිව්මහා දේවාල පෙරහැර ගැටඹේ මහවැලි ගඟ ආශ්‍රිත දියකපනා තොට වෙත ගොස් අදාළ පෞරාණික චාරිත්‍ර ඉටු කරයි. බොහෝ දෙනා මහනුවර රාත්‍රී පෙරහැර නරඹා ආපසු ගියත්, අලුයම සිදුවන මේ චාරිත්‍රය ඇසළ පෙරහැරේ සම්පූර්ණ සම්ප්‍රදාය තේරුම් ගැනීමට ඉතා වැදගත් කොටසකි. එතැනින් පසුවයි පෙරහැර මහා මංගල්‍යයේ අවසාන වීදි සංචාරය වන දහවල් පෙරහැරට අවස්ථාව උදා වන්නේ. 2026 දහවල් පෙරහැර කීයටද? 2026 මහනුවර ඇසළ පෙරහැරේ දහවල් පෙරහැර අගෝස්තු 28 වැනි සිකුරාදා පස්වරු 2.18ට ආරම්භ වීමට නියමිතය. මෙය මේ වසරේ ඇසළ පෙරහැර මහා මංගල්‍යයේ අවසාන වීදි පෙරහැරයි. රාත්‍රී පෙරහැරට වඩා දහවල් පෙරහැරට වෙනස්ම පෙනුමක් තිබෙනවා. රාත්‍රියේ කොප්පරා පන්දම් එළියෙන් දකින නර්තන ශිල්පීන්ගේ ඇඳුම්, සාම්ප්‍රදායික ආභරණ, හස්ති වස්ත්‍ර සහ විවිධ පෙරහැර අංග දහවල් ස්වභාවික ආලෝකයෙන් වඩාත් පැහැදිලිව දැකගන්න පුළුවන්. නමුත් දහවල් පෙරහැරේ සැබෑ වැදගත්කම තියෙන්නේ එහි අලංකාරයට පමණක් නොවේ. දින ගණනාවක් පුරා සිදු කළ ඇසළ පෙරහැර මහා මංගල්‍යයේ චාරිත්‍රානුකූල සමාප්තිය එය නියෝජනය කරනවා. දහවල් පෙරහැර ආරම්භ වෙන්නේ කොහෙන්ද? පෞරාණික සම්ප්‍රදාය සහ පසුගිය වසරවල ශ්‍රී දළදා මාලිගාවේ නිල සමාප්ති වාර්තා අනුව, දහවල් පෙරහැරේ සධාතුක පෙරහැර කරඬු වහන්සේ වැඩමවන පෙරහැර අස්ගිරි ගෙඩිගේ විහාරයෙන් පිටත්ව මහනුවර වීදි සංචාරය කරයි. දිය කැපීමේ චාරිත්‍රය ඉටු කළ සිව්මහා දේවාල පෙරහැරද නැවත පෙරහැර මංගල්‍යයේ අවසාන අදියරට එක්වේ. එතැනින් පසුව මහනුවර නගරය තවත් වරක් නර්තන, වාදන, හස්ති පිරිවර සහ පාරම්පරික පෙරහැර අංගවලින් පිරී යයි. මේ වතාවේ පන්දම් එළිය යට නොවෙයි. දහවල් හිරු එළිය යට. රාත්‍රී පෙරහැරට නොපෙනෙන ලස්සනක් දහවල් පෙරහැරේ තියෙනවා රාත්‍රී රන්දෝලි පෙරහැරේ ආකර්ෂණය තීරණය කරන්නේ පන්දම් එළිය, රාත්‍රියේ අඳුර සහ විචිත්‍ර ආලෝකයයි. දහවල් පෙරහැරේ අත්දැකීම වෙනස්. නර්තන ශිල්පියෙකුගේ ඇඳුමේ කුඩා රටාවක් පවා දැකගන්න පුළුවන්. හස්ති වස්ත්‍රවල සැරසිලි වඩාත් පැහැදිලිව පෙනෙනවා. නිලමේවරුන්ගේ පාරම්පරික ඇඳුම්, වාදන භාණ්ඩ සහ විවිධ කලා කණ්ඩායම්වල විශේෂතා දහවල් ආලෝකයෙන් වෙනස්ම ආකාරයකින් දැකගත හැකියි. ඒ නිසා රාත්‍රී පෙරහැර කිහිපයක් දැක ඇති කෙනෙකුට වුණත් දහවල් පෙරහැර වෙනම අත්දැකීමක්. අවසානයේ පෙරහැර නිම වෙන්නේ කොහොමද? මෙය තමයි බොහෝ දෙනා නොදන්නා ලස්සනම කොටස. පසුගිය වසරවල නිල සම්ප්‍රදායික ක්‍රමය අනුව දහවල් පෙරහැර මහනුවර වීදි සංචාරය කිරීමෙන් පසු සධාතුක පෙරහැර කරඬු වහන්සේ නැවත ශ්‍රී දළදා මාලිගාවට වැඩම කරවීම සිදු කෙරේ. ඒ සමඟ දින ගණනාවක් පුරා පැවැති මහා පෙරහැර මංගල්‍යයේ සමාප්තිය සනිටුහන් වේ. එය සරලව නර්තන කණ්ඩායම් නතර වී, අලි ඇතුන් පිටත්ව ගොස්, ජනතාව ගෙදර යන මොහොතක් පමණක් නොවේ. පුරාණ සිරිත් අනුව ආරම්භ කළ පූජෝපහාරයක්, එම සිරිත් අනුවම ගෞරවාන්විතව අවසන් කරන මොහොතයි. පෙරහැර සංදේශය – අදටත් ජීවත්වන පැරණි රාජකීය සම්ප්‍රදායක් පෙරහැර සමාප්තියට සම්බන්ධ තවත් වැදගත් චාරිත්‍රයක් වන්නේ පෙරහැර සංදේශය රාජ්‍ය නායකයා වෙත පිළිගැන්වීමයි. පෙරහැර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කළ බව සනිටුහන් කරන මේ සම්ප්‍රදාය කන්ද උඩරට රාජධානියේ පැරණි චාරිත්‍රවල මතකය අද දක්වා රැගෙන එන අංගයකි. අද රජෙක් නැති වුණත්, සියවස් ගණනකට පෙර පැවති සම්ප්‍රදායේ සංකේතය නූතන රාජ්‍ය ක්‍රමය තුළත් ඉදිරියට ගෙන යනු ලැබේ. ආරම්භය අලුත්නුවරින් – සමාප්තිය මහනුවරින් Mawanella Api පාඨකයන්ට මේ කතාවේ ඇති ලස්සනම සම්බන්ධය මෙයයි. 2026 ඇසළ පෙරහැරේ ආරම්භක කප් කැපීම සිදු වූයේ අලුත්නුවරදීය. එතැනින් ගෙනගිය කප මහනුවර සිව්මහා දේවාල වෙත බෙදා දීමෙන් ආරම්භ වූ මහා චාරිත්‍රානුකූල ගමන, කුඹල් පෙරහැර, රන්දෝලි පෙරහැර, මහා රන්දෝලිය සහ දිය කැපීම පසුකර අවසානයේ දහවල් පෙරහැරෙන් මහනුවරදී සමාප්තියට පැමිණේ. ඒ නිසා මේ මහා සංස්කෘතික කතාව මහනුවරට පමණක් අයිති කතාවක් ලෙස අපට බලන්න බැහැ. එහි ආරම්භක පරිච්ඡේදයක අපේ අලුත්නුවරත් තිබෙනවා. ඒ අපේ ප්‍රදේශයටත් ගෞරවයෙන් සිහිපත් කළ හැකි ඉතිහාස සම්බන්ධතාවයක්. රෑ පන්දම් නිවුණත් උරුමය නිවෙන්නේ නැහැ අවසන් මහා රන්දෝලි පෙරහැරේ අවසන් කොප්පරා පන්දම නිවී ගියාම පෙරහැර ඉවරයි කියලා අපි හිතනවා. නමුත් ඇසළ පෙරහැරේ සැබෑ සමාප්තිය තේරුම් ගන්න නම් පසුදා අලුයම සිදුවන දිය කැපීමත්, දහවල් මහනුවර වීදි සංචාරය කරන අවසාන පෙරහැරත් දැනගන්න ඕනෑ. කප් කැපීමෙන් ආරම්භ වූ ගමනක්. කප් සිටුවීමෙන් ඉදිරියට ගිය ගමනක්. කුඹල් පෙරහැර පහක්. රන්දෝලි පෙරහැර පහක්. අවසන් මහා රන්දෝලිය. දිය කැපීම. අවසානයේ දහවල් පෙරහැර. මේ සියල්ල එකට එක්වුණාමයි කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යයේ සම්පූර්ණ කතාව ලියවෙන්නේ. 2026 අගෝස්තු 28 දින මහනුවර දහවල් පෙරහැර නරඹන ඔබ, මේ වතාවේ පෙරහැරේ ලස්සන විතරක් බලන්න එපා. ඒ පිටුපස තිබෙන සියවස් ගණනක සම්ප්‍රදායත් මතක් කරගන්න. ඔබ මීට පෙර මහනුවර දහවල් පෙරහැර නරඹලා තියෙනවාද? රාත්‍රී පෙරහැරට වඩා ඔබට දහවල් පෙරහැරේ දැනුණු විශේෂත්වය මොකක්ද? ඔබේ මතකයත් අප සමඟ බෙදාගන්න. Mawanella Api අපේ ප්‍රදේශය • අපේ උරුමය • අපේ කතා www.mawanellaapi.com  MAWANELLA 

විශාරද නන්දා මාලනී මහත්මියනි ඔබට නිවන් සුව ලැබේවා!🙏🕊️
NEWS UPDATE
Aug 25, 2026 2 weeks ago

විශාරද නන්දා මාලනී මහත්මියනි ඔබට නිවන් සුව ලැබේවා!🙏🕊️

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී මහත්මියනි ඔබට නිවන් සුව ලැබේවා!🙏🕊️

අසිරිමත් දලදා පෙරහර මංගල්‍යට තව දින 05යි
NEWS UPDATE
Aug 11, 2026 4 weeks ago

අසිරිමත් දලදා පෙරහර මංගල්‍යට තව දින 05යි

අසිරිමත් දළදා පෙරහැර මංගල්‍යයට තව දින 05යි!  උතුම් වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට උත්තම පූජෝපහාර දක්වන, හෙළ මහා කලා මංගල්‍යය වන සෙන්කඩගල ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වීමට තව ඇත්තේ දින 8ක් පමණි. මහනුවර ඇසළ පෙරහැරේ විශේෂත්වය: ඓතිහාසික හා ආගමික අගය: ක්‍රි.ව. 4 වන සියවසේ කිත්සිරිමෙවන් රජ සමයේ සිට පැවත එන මෙම උතුම් පෙරහැර, දන්ත ධාතූන් වහන්සේ උදෙසා කෙරෙන උත්තම ආගමික පූජෝපහාරයයි. පංච මහා පෙරහැර: ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර පෙරටු කරගනිමින්, සතර මහා දේවාල වන නාථ, විෂ්ණු, කතරගම, සහ පත්තිනි යන දේවාලයන්හි පෙරහැරවල් එක්ව මහනුවර වීථි සංචාරය කරයි. සංස්කෘතික කලා මංගල්‍යය: උඩරට, පහතරට සහ සබරගමු නැටුම් අංග, අලි-ඇතුන්, කසකරුවන්, බොරුකකුල් කරුවන්, සහ පන්දම් කරුවන් ඇතුළු දහස් ගණනක් ශිල්පීන්ගේ කුසලතාවයන්ගෙන් මහනුවර නගරය ඒකාලෝක වන සුන්දර අවස්ථාවකි. පෙරහැර මංගල්‍යයේ ප්‍රධාන අදියරයන්: කප සිටුවීම: පෙරහැර මංගල්‍යයේ සුබ ආරම්භය සලකුණු කරමින් සතර මහා දේවාලයන්හි කප සිටුවීම සිදු කෙරේ. අභ්‍යන්තර / කුඹල් පෙරහැර: දේවාල අභ්‍යන්තරයේ සහ වීථි පුරා ප්‍රථමයෙන් ගමන් ගන්නා කුඹල් පෙරහැර. රන්දෝලි පෙරහැර: වඩාත් අලංකාරවත් සහ උත්කර්ෂවත් අන්දමින් මහනුවර වීථි සංචාරය කරන පෙරහැර සමය. අවසාන රන්දෝලි පෙරහැර (මහා පෙරහැර): දළදා පෙරහැරේ උච්චතම අවස්ථාව වන අතර, මාලිගාවේ සදැලි ඇතු විසින් කරඬුව වඩමවනු ලබන මහා මංගල්‍යයයි. දියකැපීමේ මංගල්‍යය සහ දවල් පෙරහැර: ගැටඹේ තොටේදී දියකැපීමේ චාරිත්‍රය ඉටුකිරීමෙන් පසු පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.

Walk For Peace - 2026
NEWS UPDATE
Aug 09, 2026 1 month ago

Walk For Peace - 2026

මුළු මහත් ලෝකයටම සාමයේ පණිවිඩය ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවෙහි තුන්වන දිනය වූ 2026.04.24 දින ආරම්භ වූයේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදීය. ඉන් අනතුරුව අද පස්වරුවේදී පහළ කඩුගන්නාවෙන් සබරගමු පළාතට ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කරවීම සිදු කෙරුණු  අතර කෑගල්ල දිස්ත්‍රික්කයට මෙම මහා සංඝරත්නය පිළිගැනීම සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ,ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් ,කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩ බලන දිස්ත්‍රික් ලේකම්තුමිය , මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගීත්වයෙන් සිදුකෙරිණි. 

Discussion on Mawanella City Development Plan
NEWS UPDATE
Aug 09, 2026 1 month ago

Discussion on Mawanella City Development Plan

Discussion on Mawanella City Development PlanMawanella town located in Kegalle district is a very crowded and busy city. The city has a long shortage of formal urban development plan which consists of numerous features including industry and service sectors, tourism industry, population diversity. The plans of a Mawanella City Development Program through the new government identifying the situation are currently underway and the primary discussion will be held at the Mawanella Divisional Secretariat on 09/17 and the leaders of all subjects related to the program with the intention of further further discussions on the issues presented there. A special meeting called was held today (06) at the District Secretariat Office auditorium. The main attention was given here on the proposed Yatimahana water project through Mahoya and it is proposed to implement at a cost of around 27,000 million in five years, covering five village niladari domains like Kondeniya, Yatimahana, Muruthawela, Gondivela and Mahawattha through the project. Creating additional income sources for surrounding communities through increasing fisheries capability with building reservoir especially among the objectives and benefits of this project, contributing to reduce carbondioxide emissions through hydropower generation, creating job returns during construction period, increasing water levels around the reservoir A range of facts including surrounding natural ecosystems, domestic activities, and positive impacts on rural areas supplied on undergroundwater for consumption cultivation. Although the grants are not yet allocated for this project, land acquisition and rehabilitation, the views and questions of all parties regarding the project implementation. Also expected to develop Mawanella city as the main city and Hemmatagama city as sub city as proposed. Under that, we, who have taken recommendations on water disposal management techniques, aimed at formalizing the city's waste disposal, provided opportunities here to gather forward steps for the land development corporation to provide recommendations on water disposal management techniques. Development works including hospital, major bus stops, traffic signal systems as well as international level football stadium facilities are also expected to take place centered around Mawanella in the future. The program was organized by the District Planning Department. Kegalle District Parliament MP Samantha Ranasinghe, President of Mawanella Pradeshiya Sabha, Opposition leader of Mawanella Pradeshiya Sabha and political representatives including Mawanella Pradeshiya Sabha, Mawanella Regional Secretary Vijayani Ratnasekara, District Planning Director Mrs. Indika Senaratne and Deputy and Assistant Planning Director, Land Development Corporation Heads of institutions including National Water Supply and Water Transport Board, Mawanella Hospital, Road Development Authority, Sri Lanka Telecom, Urban Development Authority, Assistant Commissioner's Office of Local Government, Police, Road Transport Authority, Trade Association representatives and villagers were together

No News Updates Found

No news updates matched your selected category or search keyword.